පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් ඊයේ (23දා) රාත්‍රී 10. 00 සිට අද අලුයම 2.00 දක්වා කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 4035ක් අත්අඩංගුවට ගැනිමට පොලීසිය කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 17728ක් සම්බන්ධ වී තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම්වලට අමතරව රථ වාහන නඩු 5550ක්ද ලබාගෙන ඇත.
අත්අඩංගුවට ගැනීම්
බීමත් රියදුරන් 1122
වරෙන්තුකරුවන් 885
විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 871
හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් 1029
වැලි ගොඩ දැමීම් හා විවිධ දූෂණ සම්බන්ධයෙන් 119
බලපත්‍ර නොමැති තුවක්කු සන්තකයේ තබා ගැනීම් 9