මොරගහහේන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි, මොරගහහේන පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුරුවිට වල දුර පදිංචිව සිටි k කරුණාරත්න 42 යන අයයි.
මියගිය සැකකරු මොරගහහෙන වත්තෙකඩෙ ප්‍රදේශයේ අනියම් බිරිඳගේ පෙර විවාහයේ දාසය හැවිරිදි දැරිය මාස හයක ගැබිනියක් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී ඊයේ අලුයම හැඳ සිටි සරමේ රෙදි පටියක් කඩා ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය පැමිණ ,මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ