යාපනය කෝපායි පොලීසියට අනියුක්ත කොට සිටි බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු වශයෙන් සැලකූ පොලිස් සුනඛ සාසා හදීසි අසනීපයක් හේතුවෙන් ඊයේ දින මිය ගිය බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
බෝම්බ සහ පුපුරණද්‍රව්‍ය සෙවීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා සිටි සාසා කොපායි පොලීසියේ මෙන්ම යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආදරයට පාත්‍ර වූ සුනඛයෙකු විය.
සාසා පොලිස් සුනඛයා දරුණු වකුගඩු රෝගයකින් පෙළී මියගිය අතර සුනඛයා භාරව සිටි පොලිස් සැරයන් 32896 සමරවීර නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සාසා සුනඛයාගේ අවසන් කටයුතු ගරු බුහුමන් සහිතව කෝපායි පොලීසියේදී සිදු කරනු ලැබීය.