ජනාධිපති ධුර අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රථවාහනවල ප්‍රදර්ශනය කරන පෝස්ටර් හෝ කොඩි සම්බන්ධයෙන් සොයා බැලීමට හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අදාළ පොස්ටර් හා කොඩි ඉවත් කර වාහනයේ රියදුරුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී ඇත.
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 74 වගන්තියට අනුව මෙවැනි ක්‍රියා සිදුකිරීම නීති මගින් දඬුවම් ලැබෙන වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
එබැවින් මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් වැළකී සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.