පොලිස් නිලධාරින්ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරිම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මගපෙන්විම යටතේ කැලණිය විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව පොලිස් නිලධාරින්ට උසස් අධ්‍යාපනයක් ලබාදිමට නව පාඨමාලාවන් හදුන්වා දිම අද දිනයේදි සිදු විය.
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා කැලණිය විශ්ව විද්‍යාලය අතර ඉදිරි වසර 5ක කාලයක් සඳහා ඇති කරගත් එකඟතාවයකට අනුව මෙම අවබෝධතා ගිවිසුම අද අත්සන් කරනු ලැබිය.
මෙහිදි ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පවත්වනු ලබන පාඨමාලාවන් විශ්ව විද්‍යාල කොමිසන් සභාවේ තත්ත්ව පරික්ෂණ මාර්ගෝපදේශනයන්ට අනුගත වන ලෙස සංවර්ධනය කිරිමට හා මානව සම්පත් දායකත්වය ලබාදිමටද කටයුතු කරනු ලබයි.