පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් හදිසි අවශ්‍යතාවයකට යැයි පවසා ඊෂි කෑස් ක්‍රමයට එම නිලධාරීන් රාජකාරී කරනු ලබන ප්‍ර දේශවල ව්‍යාපාරිකයන්ගෙන් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් බැර කර ගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
ආසන්නම සිදුවීම් ලෙස වීරකැටිය, හෝමාගම හා මොරගහහේන යන ප්‍ර දේශවලින් වාර්තා වී ඇති අතර ඒ සඳහා ලබා ගන්නා ලද දුරකතන ඇමතුම් වලට අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව පොලීසිය විමර්ශන කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.
මෙවැනි කූඨ පුද්ගලයන්ට මහජනතාව හසුවීමට ඉඩක් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.