නීති විරෝධී මත්පැන් පානය කර පුද්ගලයන් මිය යෑමේ සිදුවීමට අදාළව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හා එම ජාවාරම මැඩලීමට ස්ථානාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විමර්ශනය කිරිම පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේම පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථානමාරුවක් ලබාදීමට ජාතික පොලිස් කොමිෂමට නිර්දේශයක් යොමුකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බවත් ඔහු පැවැසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවැසුවේ පල්ලෙවෙල නීතිවිරෝධී මද්‍යසාර පානය කර මිය යෑමේ සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශන ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරන බවයි.