කොවිඩ්-19 වසංගතය ශීඝ්‍රයෙන් පැතිරයාම සමග තමන්ට පැවරී ඇති සේවයෙහි අධික පීඩනය හා ඒ නිසා ඇති වූ වෙහෙස හේතුවෙන් පිලිපීනයේ හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ එරට පෞද්ගලික හා රජයේ රෝහල්වල සේවය කරන ඇතැම් හෙද නිලධාරිනියන් නම් සඳහන් නොකරමින් පවසා සිටියේ අඩු වැටුපකට තම ජීවිතයද පරදුවට තබමින් සිදුකරන සේවයේ දැනට ඔවුන්ට විඳීමට සිදුව ඇති පීඩනය කිසිසේත්ම දරාගත නොහැකි බවයි.
මේ තත්ත්වය තුළ පිලිපීනයේ හෙද වෘත්තිකයන් රැසක් මේ වනවිට විදේශයන්හි හෙද සේවා සඳහා ඉල්ලුම් කරමින් සිටින බවද වාර්තා වෙයි.
වසංගත තත්ත්වයත් සමග තමන්ගේ නිවාඩු දිනවලදී පවා සේවයට කැඳවන බවත්, ඇතැම් වෘත්තිකයන් ඉල්ලා අස්වීම හෝ ඇතැම් වෘත්තිකයන් රෝගී හෝ නිරෝධායනය වීම නිසා මෙවැනි හදිසි කැඳවීම්වලදීද රාජකාරි කිරීමට සිදුව ඇති බව ඔවුන් කියයි.
පිලිපීනයේ මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ ආකාරයෙන් සෞඛ්‍ය සේවකයන් මෙම බර අත්හැරීම වසංගතයේ තීරණාත්මක අවස්ථාවක් බව එරට බලධාරීන් මෙන්ම රෝහල්ද බියට පත්ව සිටියි.