බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින ඊයේ (17දා) ඇගේ අභාවප්‍රාප්ත සැමියා වූ පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේදී තනිවම වාඩිවී සිටිනු දැගගත හැකිවිය.
වින්ඩ්සර් කාසල් පිටියේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති දේව මෙහෙයට රාජකීය පවුලේ සාමාජිකයන් ඇතුළු 30 දෙනෙකු සහභාගී වූහ.
එඩින්බරෝ ආදිපාදවරයා ලෙස හැඳින්වෙන පිලිප් කුමරු වයස අවුරුදු 99 දී වින්ඩ්සර් කාසල්හිදී පසුගිය සතියේ සිකුරාදා අභාවප්‍රාප්ත විය. ඔහු එරට දීර්ඝ කාලයක් සේවය කළ රාජකීය ස්වාමිපුරුෂයා වීමද විශේෂත්වයකි.
රාජකීය ප්‍රමිතීන්ට අනුව සිදුවූ අවමංගල්‍ය උත්සවයේදී තම ස්වාමිපුරුෂයාට අවසන් සමුගැනීම දෙනවිට රැජින තනිවම හිඳගත්තාය. පිලිප් ආදිපාදවරයාට එම උත්සවයේ සැලසුම්කරණයට සමීපව සම්බන්ධ වූ අතර සංගීතය තෝරා ගැනීම සහ උත්සවයේ බොහෝ අංග ඔහුගේ හමුදා සම්බන්ධතා සහ පෞද්ගලික අවශ්‍යතා පිළිබිඹු කළේය.
රජ පවුලෙන් වෙන්ව ඇමෙරිකාවේ ජීවත් වන හැරී කුමරු තනිවම මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අතර, ඔහු සිය වැඩිමහලු සහෝදරයා වන විලියම් සමග පිලිප් කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්රෝවර් රථය ගමන් කළ පෙරහරේ ගමන් කළේය.