පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරුණු සමාධි උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නිසැක බෝධි අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) පස්වරුවේ පැවැත්විණි.
ඉකුත් පස් වසර පුරා ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් පුළුල් සංවර්ධනයකට ලක් කෙරුණු ඓතිහාසික පුලතිසි පුරවරයේ අලංකාරය වැඩිදියුණු කරමින් සහ ජනී ජනයාගේ පහන් සංවේගය අතිකරලීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත පොළොන්නරුව නව නගරයේ අසිරිමත් සමාධි උයන නිර්මාණය කර තිබේ.
අතීත ශ්‍රී විභූතියේ අසිරිමත් උරුමයන් වූ පූජනීය බෞද්ධ කලාකෘති සහ ඓතිහාසික ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේලා ප්‍රතිනිර්මාණය කරමින් පොළොන්නරුව බෞද්ධ සංගමයේ අනුග්රහයන් සමාධි උයන ඉදිකරීමට කටයුතු කෙරිණි.
පොළොන්නරුව නව නගරයේ විද්‍යාලෝක විහාරස්ථානයේ සිට පනස් නමකට අධික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පෙරහැරකින් ජය ශ්‍රී බෝධින් වහන්සේ සමාධි උයන වෙත වැඩම කරවීම සිදු කෙරුණු අතර සෙත් පිරිත් සජ්ජායනා මාධ්‍යයේ බෝධි අංකුරය රෝපණය කිරීම ජනාධිපති අතින් සිදු විය.