පොලොන්නරුවේ මෝල්හිමියන් සහ වෙළදුන් සහල් හිඟයක් මවාපාමින් රජයේ පාලන මිලට ජනතාවට සහල් අලෙවි නොකර වැඩි මිලට අලෙවි කරන බව ජනතාව නියයි.
රජය විසින් නියම කළ මිලට නාඩු කිලෝවක් රුපියල් 90 සහ කීරි සම්බා කිලොවක් 125 ට අලෙවි කලයුතු වුවත් වෙළදසැල් වලින් ජනතාවට නාඩු කිලොවක් 98 සිට 100 දක්වාත් කීරි සම්බා කිලෝවක් 140 සිට 150 දක්වා මිළදි ගැනිමට සිදුව තිබේ.