ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පොල් ක්ෂේත්රයේ පවතින ගැටලු හා කළමනාකරණයන් නිසි ලෙස අවබෝධකර ගැනීම මගින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් හා අදාළ ආයතනවල නියොජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම් කමිටුව ස්ථාපති කිරීමට නියමිතය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.