පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටියි.
එම ගැසට් නිවේදනයට අනුව වට ප්රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්රමාණය අඟල් 12 - 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කෙරිනි.
ඒ අනුව එම ගැසට් පත්රය බල රහිත කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ 2232/ 38 දරණ ගැසට් පත්රය නිකුත් කර තිබේ.