පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නියෝග අද සිට බලපැවැත්වෙන බව එම අධිකාරිය අදාළ ගැසට් නිවේදනයෙන් පවසයි.
එහිදී පොල්ගෙඩියක් සඳහා උපරිම මිල තීරණය කර ඇත්තේ එහි වට ප්රමාණය අනුවය. වට ප්රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70කි.
වට ප්රමාණය අඟල් 12-13 අතර වන පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 65කි.
වට ප්රමාණයඅඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ යුතුය.