පරිසර විනාශයට දැඩිව නීතිය ඕනෑ - ජනපති
මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (14දා) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ති‍්‍රක් පරිසර සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
දැවැන්ත පරිසර විනාශයත් සමග මතුව ඇති අයහපත් තත්ත්වය පිළිබඳ සියලු බුද්ධිමත් ජනතාව ප්රමුඛ අවධානයක් යොමු කිරීම වැදගත් බවත් මිනිසා ප්රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ පැහැදිලි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේ ය.
අවිධිමත් කසළ කළමනාකරණය ද පරිසර විනාශ ඉහළ යාමට බලපා ඇති බවත් විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙළකට අදාළ ව රාජ්‍ය සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ දී ප්‍රබල බාධාවක් වී ඇත්තේ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධයන් බව ද පැවසීය.
නව තාක්ෂණය ඇසුරෙන් කි‍්‍රයාත්මක කෙරෙන කසළ කළමනාකරණ ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ ප්‍රමාණාත්මක අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම විරෝධතාවයන් මතුවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යම් ප්‍රදේශයක කසළ කලමණාකරණ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක වන්නේ නම් අතුරු නිෂ්පාදන රැසක් සමග කෘෂිකර්මාන්තයට අදාළ ප්රතිලාභ රැසක් ද ඒ තුළින් එම ප්‍රදේශයට හිමිවන බව පෙන්වා දුන්නේ ය.

popular news
-
වීර Thursday, 14 February 2019 08:47 PM
ඒ සඳහා උපරිම ශක්තිය පවතින්නේ ඔබ තුමාට ය.. ඒවා සාදා ක්රියාත්මකකරනලෙස ගෞරවයෙන් ඉල්ලමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
