පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම සඳහා ඒ අවට සිදුවන සියලු පරිසර දූෂණයන් වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.
පරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජනපතිවරයා පසුගියදා නිලධාරින්ට උපදෙස් දුන්නේය. එසේම ඊයේ (28දා) පරාක්‍රම සමුද්‍රය අවට නිරීක්ෂණයකට එක්වෙමින් ජනපතිවරයා නැවතවරක් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.
මේ අතර පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටු සවාරියකට ද එක්වූ ජනාධිපතිවරයා එම ජල පෝෂක ප්‍රදේශවල පරිසර දූෂණය සිදුව ඇත්දැයි සොයා බැලීමටත් කටයුතු කළේය.
