රට තුළ කොවිඩ්-19 පැතිරීම යළිත් වේගවත් වීම නිසා පැරීසියට සහ රටේ තවත් පළාත් කිහිපයකට අද (19දා) රාත්‍රී 7.00 සිට සීමිත අගුලු දැමීමක් සිදුවන බව ප්‍රංශ අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් නිවේදනය කළේය.
මෙසේ අගුලු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක වුවත් පාසල්, අත්‍යවශ්‍ය වෙළෙඳසැල් සහ පොත් සාප්පු විවෘතව පවතින බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමනු ඇති අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් පිටතට ගමන් කිරීම සීමා කරන බවද අවධාරණය කළේය.
කෙසේ වෙතත් ජනවාරි මැද භාගයේදී හඳුන්වා දුන් ඇඳිරි නීතිය මෙන් නොව, මෙවර එළිමහන් ව්‍යායාම සඳහා කෙනෙකුගේ නිවසේ සිට කිලෝමීටර 10ක් දක්වා අවස්ථාව ලබාදී තිබේ.
ප්‍රංශය පුරා වසංගතය පැතිර යාම ආරම්භයේ සිට මිලියන 4.11ක ජනතාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, ලෝකයේ 6 වැනි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ප්රංශයෙනි.
බ්‍රහස්පතින්දා නව ආසාදන 38,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එය මාස හතරක් තුළ ඉහළම මට්ටම බව කියයි. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති පැරිස් අගනුවර රෝහල්වල සිටින රෝගීන් වෙනත් ප්‍රදේශවලට මාරු කිරීම ආරම්භ කර ඇත.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් බදාදා කියා සිටියේ බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් රට තුන්වැනි ආසාදන රැල්ලකට ගොදුරු වී ඇති බවයි.