ප්‍රංශයේ දැනට සිදුවන මරණ හතරකින් එකක් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුවන මරණයක් බව එරට අගමැති ජීන් කැස්ටෙක්ස් පවසයි.
"අද ප්‍රංශයේ මරණ 4 න් 1 ක්ම වෛරසය නිසා ඇතිවෙන මරණ" යැයි කැස්ටෙක්ස් පැවසීය. "ප්‍රංශය අතිශය භයානක දෙවැනි වසංගත රැල්ලකට මුහුණ දී සිටිනවා."
පසුගිය සතිය තුළ දෛනිකව 400 ත් 500 ත් අතර සංඛ්‍යාවක් කොවිඩ්-19 ආසාදිතව මියගිය බවද ඔහු පැවසීය.
"දැන් ලොක්ඩවුන් නීති හෝ සීමා ඉවත් කිරීම ගැන කතා කිරීමම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති" කැස්ටෙක්ස් තවදුරටත් පැවසීය. "අවම වශයෙන් ඉදිරි දින 15 සඳහාවත් මෙම නීතිරීති නොවෙනස්ව තබා ගැනීමට අප තීරණය කර තිබෙනවා."
"දැන් සතියක් පුරා ධනාත්මක අවස්ථා සංඛ්‍යාවේ අඩුවීමක් අප නිරීක්ෂණය කර තිබෙනවා." අගමැතිවරයා සංඛ්‍යා ගැන කීවේය. "එම ප්‍රවණතාවය සනාථ වුවහොත්, දෙවැනි රැල්ලේ උච්චතම අවස්ථාව ලබන සතිය මුලදී ළඟා විය හැකියි."
දෙසැම්බර් 1 වැනිදා සිට පියවර ලිහිල් කළ හැකි බවත්, එම පියවර සමහර වෙළෙඳ සැල් නැවත විවෘත කිරීම සඳහා පමණක් සීමා වන බවත්, බාර් සහ අවන්හල් නැවත විවෘත කිරීම බැහැර කරන බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් ආසාදන අඩුවීමේ ප්‍රවණතාව ලබන සතියේ තහවුරු නොකළහොත්, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.