ප්‍රංශය, ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස ආරක්ෂණ එන්නත භාවිත කිරීම සඳහා ඉහළ වයස් සීමාව තවදුරටත් දීර්ඝ කරමින් අවුරුදු 65ත් 75ත් අතර, බරපතළ සෞඛ්‍ය තත්ත්වයන් සහිත අයට පවා එන්නත භාවිතය අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (01දා) නිවේදනය කළේය.
ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත ලබා දිය යුත්තේ වයස අවුරුදු 65 ට අඩු පුද්ගලයින් සඳහා පමණක් බවට මීට පෙර ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ වයස්ගත පුද්ගලයින් සඳහා වන සායනික දත්තවල ඌනතාවක් උපුටා දක්වමිනි.
"මෙතැන් සිට වයස අවුරුදු 50 හෝ ඊට වැඩි (75 දක්වා) සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ පිළිකා ඉතිහාසයක් වැනි සෞඛ්‍ය තත්ත්වයන් ඇති ඕනෑම කෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදිය හැකි බව මට තහවුරු කළ හැකියි" ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "වයස අවුරුදු 75 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් හෝ මෝඩර්නා එන්නත ලබාදෙනවා."