පවුල් ආරවුලක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර උතුරට වන්නට වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පවුලක කුඩා දරුවන් හතර දෙනෙකු හා එක් වැඩිහිටියෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ වේලාවෙන් සෙනසුරාදා උදෑසන වාර්තා වී ඇති මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ තවත් පස්දෙනෙකු අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
ජීවිතක්ෂයට පත්ව ඇති ළමුන් වයස අවුරුදු 2-14ත් අතර පසුවන්නෝ වෙති.
මෙම සිදුවීමෙන් තුවාල ලැබූ තරුණ වසයේ පසුවන අයෙකු අසළ පැවැති කැෆේ හලකට පැමිණ උදව් ඉල්ලා ඇති අවස්ථාවක පොලීසියට මෙම සිදුවීම වාර්තා වී තිබේ.
එම කැෆේ හලේ කළමනාකරුට අදාළ තරුණ වයසේ පසුවූ පුද්ගලයා පවසා ඇත්තේ තම මාමා පිස්සුවෙන් මෙන් පවුලේ අනෙක් අයට පිහියකින් හා මිටියකින් පහර දුන් බවයි.
පසුව පොලීසිය විසින් සැකකරු සොයා ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු කෝමා තත්ත්වයෙන් සිටි බවත් ඔහු අසළ මිටියක් හා පිහියක් තිබූ බවත් පොලීසිය පවසා තිබේ. පසුව ඔහුද රෝහල් ගත කර තිබේ.