ගෙවීගිය දිනයෙන් අවසන් වූ පැය 24 තුළ ප්‍රංශයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 1,130ක් වාර්තා වී ඇති අතර, රජය විසින් අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ආසාදන අනුපාතය යළිත් වේගවත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අඛණ්ඩව දෙවැනි දිනයටත් මේ ආකාරයෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්මවා යෑම සුබ ලකුණක් නොවන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරීමෙන් සහ සනීපාරක්ෂක නීතිවලට ගරු කිරීමෙන් ජනතාව සිය විනය පෙන්වීමේ අවශ්‍යතාව මෙසේ ආසාදිතයන් වැඩිවූ සංඛ්‍යාලේඛනවලින් පිළිබිඹු වන බවයි.