ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් කොවිඩ්-19 වෛරසයට ධනාත්මකබව පරීක්ෂා කිරීම හේතුවෙන් පසුගිය සඳුදා ඔහු මුණ ගැසුණු ස්පාඤ්ඤයේ අගමැති පේද්රෝ සැන්චෙස් දෙසැම්බර් මස 24දා දක්වා ස්වයං නිරෝධායනයකට යොමුව ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
"සෞඛ්යාරක්ෂක මගපෙන්වීම්වලට අනුකූලව ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත සියලුම ක්‍රියාකාරකම් අගමැතිවරයා අත්හිටුවනු තිබෙනවා. ඔහුගේ තත්ත්වය දැන ගැනීම සඳහා රෝග විනිශ්චය පරීක්ෂණයක් පවත්වනු ඇති අතර, ප්‍රතිඵල මත පදනම්ව ඔහුගේ න්‍යාය පත්‍රය ඉදිරි දින සඳහා තීරණය කරනු ඇති." අගමැති කාර්යාලය පවසයි.
අවලංගු කරන ලද ඔහුගේ පළමු ක්‍රියාකාරකම වූයේ හයවැනි ෆෙලිපේ රජු සමග ස්පාඤ්ඤයේ ජාතික පුස්තකාලයේ ප්‍රදර්ශනයක් විවෘත කිරීමය.
නිවාඩු සති අන්තය සමරද්දී නව කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන්නේ නම් නත්තල් නිවාඩුව සඳහා දැනට ක්‍රියාත්මක වන සංචාරක හා සමාජ රැස්වීම් සඳහා වන තහංචි දැඩි කිරීම පිළිබඳව තම රජය සලකා බලනු ඇතැයි සැන්චෙස් පහළ මන්ත්‍රණ සභාවේදී පැහැදිලි කිරීමෙන් දිනකට පසුව ඔහුට මෙසේ නිරෝධායනයට යොමුවීමට සිදුවිය.
වර්තමාන සැලසුම් යටතේ, පවුවලේ සහ ඥාතීන් බැලීමට මිනිසුන්ට සංචාරය කිරීමට අවසර දී ඇති අතර, රැස්වීම් උපරිම වශයෙන් 10 දෙනෙකුට සීමා වේ. ස්වයං නිරෝධායනයට සැන්චෙස් යොමුවූ පළමු වැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහුගේ බිරිඳ බෙගෝනා ගෝමස් මාර්තු මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවද ඔහු නිරෝධායනයට යොමුවිය.