ප්‍රංශයේ පූජකවරුන් අතින් වර්ෂ 1950 සිට මේ දක්වා අවම වශයෙන් බාල වයස්කරුවන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් 10,000කට ආසන්න පිරිසක් ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව ප්‍රංශයේ පල්ලිය විසින් පිහිටුවන ලද ස්වාධීන කොමිසමක් සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි 'පල්ලියේ ලිංගික අපයෝජනය පිළිබඳ ස්වාධීන කොමිසම' (CIASE) ඇස්තමේන්තු කර ඇත්තේ වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දසදහසක් ආසන්නයට පැමිණ ඇති බවයි.
කොමිසම කියා සිටියේ මෙතෙක් සාක්ෂි 6,500ක් ලැබී ඇති බවත්, අවම වශයෙන් තවත් විවිධ වින්දිතයන් 3,000ක් පමණ සිටින බවත්ය.
මෙම කොමිසමෙහි හි සභාපති ජීන් මාක් සෝවා කියා සිටියේ වින්දිතයන්ගෙන් කවර ප්‍රතිශතයක් කොමිසමට සාක්ෂිදී ඇත්ද යන්න මේ අවස්ථාවේදී සඳහන් කළ නොහැකි නමුත්, අපයෝජනයන්ට ලක්වූ සමස්ත වින්දිතයන් අවම වශයෙන් 10,000ක් දක්වා ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ සහ විශේෂයෙන් සාමාන්‍ය ජනතාව සමීක්ෂණය කිරීමෙන් එම සංඛ්‍යාව නියම කිරීමට හැකි වනු ඇති ඔහු කීවේය.
අපයෝජන සිද්ධීන් හෙළි වීමෙන් පසු ප්‍රංශ පල්ලියේ ධූරාවලිය සහ ආගමික ආයතන විසින් මෙම කොමිසම 2018දී පිහිටුවන ලදී.