නව කොරෝනා වසංගතය සමග ප්‍රංශයේ පැරිස් අගනුවර ඇතුළු නගර කිහිපයකට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීතියත් සමග වීදි පාලුවට ගොස් ඇති ආකාරය දැකගත හැකිවී තිබේ.
මෙම රාත්‍රි ඇඳිරි නීතිය යුරෝපයේ කොරෝනා වෛරසයේ උණුසුම් ස්ථානවලින් එකක් වන ප්‍රංශයේ ඉහළ යන කෝවිඩ්-19 ආසාදන අනුපාතය මැඩපැවැත්වීම අරමුණු කරගෙන පණවා තිබේ.
කෙසේ වෙතත් එරට අවන්හල් හිමියන් පැමිණිලි කරන්නේ, ඔවුන්ගේ ව්‍යාපාර දැනටමත් පසුගිය කාලයේ මාස දෙකක කාලයක් අගුලු දැමීමෙන් පසු පීඩාවට පත්ව ඇති පසුබිමක මෙය සිය ව්‍යාපාරවලට දැඩි පහරක් බවයි.
මිලියන 20ක් පමණ ප්‍රංශ ජාතිකයන් මර්සෙයිල්, ලියොන්, ලිලී සහ ටූලූස් ඇතුළු පැරිස් අගනුවර ආවරණය කරන මෙම ඇඳිරි නීතිය යටතේ රාත්‍රිය ගතකරන අතර, එය සෑම රාත්‍රියකම 9.00 සිට අලුයම 06.00 දක්වා ක්‍රියාත්මක වේ.
ජනාධිපති එම්නුවෙල් මැක්රොන් පැවසුවේ රෝහල්වල ධාරිතාව ඉක්මවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ඇඳිරි නීතිය අවශ්‍ය බවයි. එහෙත් බොහෝ දෙනෙක් ඒ තුළින් එරට ව්‍යාපාර කෙරෙහි ඇති කළ හැකි බලපෑම ගැන සැලකිලිමත් වෙති.