ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවීගිය දිනයේ නිකුත් කළ නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව යළිත් වරක් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අඛණ්ඩව දෙවැනි දිනටත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර, ගතවූ පැය 24 තුළ ආසාදන 60,486ක් වාර්තා විය. මීට පෙර දිනයේ ආසාදිතයන් 58,046ක් වාර්තා විය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, රුසියාවෙන් පසු යුරෝපයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වී ඇති රට බවට ප්‍රංශය පත්ව ඇත. එමෙන්ම එක්සත් රාජධානිය සහ ඉතාලියෙන් පසු තුන්වැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රාජ්‍යයද ප්රංශයයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ප්‍රංශයේ මේ වනවිට සක්‍රීය රෝගීන් 28,955ක් සහ දැඩි සත්කාර ඒකකයේ 4,321ක් ප්‍රතිකාර ලබන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 39,865කි.