ප්‍රංශ රජය විසින් කොවිඩ්-19 එන්නත ලබාදීමේ වැඩපිළිවෙල කරමින් සෞඛ්‍ය බලපත්‍ර ක්‍රමවේදයක්ද හඳුන්වාදීමත් සමග එරට එරෙහිව නැගී සිට ඇති පිරිස් මේ දක්වා එන්නත් මධ්‍යස්ථාන 20කට වැඩි ප්‍රමාණයක් සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම්වලට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
එන්නත ලබාගත් බවට සාක්ෂි සහිත සෞඛ්‍ය බලපත්‍රය හෝ මෑතකදී සෘණාත්මක කොවිඩ්-19 පරීක්ෂණයක් හඳුන්වා දීමෙන් කෝපය වැඩි වී ඇත්තේ අවන්හල්, දුම්රිය සහ වෙනත් පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා දැන් එය අනිවාර්ය වීම නිසාය.
පසුගිය සති අන්ත හතර තුළ විරෝධතාකරුවන් සෞඛ්‍ය බලපත්‍රයට එරෙහිව පෙළපාලි ගියේ එය පුද්ගල නිදහස සීමා කරන බව පවසමිනි.
ඒ අනුව ජූලි 12දා සිට එන්නත් කිරීමේ මධ්‍යස්ථාන 15ක්, කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 5ක් සහ එක් වෛද්‍ය විද්‍යාගාරයක් ඇතුළුව සෞඛ්‍ය පහසුකම් 22කට හානි කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිලධාරියෙක් අද (11දා) පැවසීය.
කෙසේ වෙතත් තමන්ගේ පුද්ගල නිදහස පමණක් ඉදිරියට දමා කටයුතු කිරීමට යාමෙන් සමාජයේම නිදහස ඇහිරෙන බව මෙම විරෝධතාකරුවන්ට නොතේරීම අභාග්‍යයක් යැයි විශේෂඥයෝ පෙන්වා දෙති.