පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් අද (06දා) විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (07දා) පස්වරු 1.00 දක්වා කල්තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තේය.
ඒ අනුව සභාවෙ කටයුතු පැය 1යි විනාඩි 30කට සීමා විය.
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් විරෝධය පළ කර තිබෙන බැවින් මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගතයුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.
මෙහිදි අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ විපක්ෂ නායකවරයා ඉල්ලීම සිදුකිරීමට පෙර මෙම පනත ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානමින් සිටි බවයි.
මෙවැනි පනත් සම්මතවීමට ඉඩ දිය නොහැකි බවත්,පනත් කෙටුම්පතට සශෝධන එකතු කිරීම සඳහා තවදුරටත් සාකච්ඡා කළයුතු බවත් පැවසූ කිරිඇල්ල මහතා පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව කියා සිටියේය.