වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට අද (05)යොමුකර තිබූ ප්‍රශ්න 15ටම පිළිතුරු ලබාදීමට කිසිදු ඇමතිවරයෙකු අද පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසුවේ අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් වූ බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසකම් උල්ලංඝනය වී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පර්ලිමේන්තුවේ කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට දන්වා තිබෙන පසුබිමකදී මෙම ඇමතිවරුන් පැමිණ නැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදි පැවසීය.
ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා සති දෙකක් හා මාසයක් වශයෙන් ඇමතිවරුන් දින ඉල්ලා ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා (හරීන් ප්‍රනාන්දු),අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන (වජිර අබේවර්ධන),ප්‍රාථමික කර්මාන්ත සමාජ සවිබල ගැන්වීම් (දයා ගමගේ),ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචිකිරිම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු (රනිල් වික්‍රමසිංහ),මුදල් (මංගල සමරවීර),නගර සැලසුම්,ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන (රවුෆ් හකීම්) ,ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා (අර්ජුන රණතුංග),රාජ්‍ය පරිපාලන,ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන (රංජිත් මද්දුමබණ්ඩාර),නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු (සජිත් ප්‍රේමදාස) ,ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ (ගයන්ත කරුණාතිලක) යන අමාත්‍යවරුන් විසින් ඊයේ දිනයේදී පිළිතුරු ලබාදීමට පාර්ලිමේන්තුවට නොපැණියහ.