නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කරන ලද ගැසට් නිවේදනය මේවනතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ආසන මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව වෙන්කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධ ගැසට් නිවේදනය මේවනවිට නිකුත්වී ඇති බැවින් අග්‍රාමාත්‍යවරයාට පමණක් අගමැති අසුන වෙන් කිරීම සිදුකරනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අද (18දා) දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිත අතර, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ආණ්ඩුවට එක්වීමට නියමිත බව වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ලබාදෙන්නේ කාටදැයි මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වන අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය සකස්වීමෙන් පසුව විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ කාහටදැයි කථානායකවරයා විසින් නම්කර ඇති බවද පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් %අද^ පුවත්පතට පැවසීය.
කථානායක කරු ජයසූරිය මහතාගේ තීරණය ලැබීමෙන් පසුව විපක්ෂනායක අසුන අදාළ පුද්ගලයාට වෙන් කරන බව වේත්‍රධාරී කාර්යාලයද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අද(18දා) පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර, අද දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ගැලරිය විවෘත කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව වේත්‍රධාරී නරේන්දු ප්‍රනාන්දු මහතා පැවසීය.