පාර්ලිමේන්තු වටරවුම අසලදී රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර අල්ලස් වශයෙන් මුදල් ලබාගැනීමක් පිළිබඳ සිදුකළ පරීක්ෂණවලට අනුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව පොලිස් මෝටර් රථයක සේවය කරමින් සිටියදී, පාර්ලිමේන්තු වටරවුම අසලදී රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් මෙම වාහනය පරීක්ෂා කර තිබෙන බවත්, එම රථවාහන වැරැද්දට නීතිය ක්‍රියාත්මක නොකර අල්ලස් වශයෙන් මුදලක් ලබා ගැනීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හා රූපවාහිනී නාළිකා කිහිපයක විකාශය වූ බවත් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
මේ පිළිබඳ රථවාහන පොලීසිය මූලික විමර්ශනයක් සිදුකළ අතර, අනතුරුව පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.