අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පිළිබඳව කරුණු දැක්වීම සඳහා ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (18දා) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී හමු වූහ.
මෙහිදී භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ රට තුළ ප්රජාතන්ත්රවාදය බලගන්වන වැදගත් අංගයක් වන අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකර සත්‍යය අනාවරණය කරනු දැකීම ස්වකීය අපේක්ෂාව බවත්ය.