පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (21) රැස්වීමට නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පෙරවරු 9.30ට රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු පිළිබඳ මෙහිදි එකඟතාවන්ට පැමිණීමට නියමිතය.
නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් අටදෙනෙකු එම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.
මේ අතර පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් ද අද දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
රජයේ මුදල් කාරක සභාව එහි සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.30ට රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිරිතිවලට යෝජනා ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද අද රැස්වීමට නියමිතය.
එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම කාරක සභාව රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.
මේ අතර ලබන 22 වනදා උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
එදින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් ද පැවැත්වෙන බව වාර්තා වේ.
එහිදී 09 වන පාර්ලිමේන්තුව සදහා මෙතෙක් ඉදිරිපත් කර ඇති වාර්තා 2ක් මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සදහා ලබාදෙන ලද නිර්දේශයන් ක්රිියාත්මක කිරීම සදහා ගෙන ඇති පියවර පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතය.