කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනිමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වනු ලැබුවා. විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව නැවේ කපිතාන්වරයා මව් සමාගම හා දේශීය නියෝජිත ආයතනය සමග කරන ලද සන්නිවේදන පිළිබඳව සොයා බැලීමක් සිදුකළා.
එසේ සොයා බැලීමෙන් අනතුරුව දේශීය නියෝජිත ආයතනය නොසැලකිලිමත් ක්‍රියාවක් සම්බන්ධව කරුණු අණාවරනය වී ඇති බැවින් සමුද්‍රීය ආරක්ෂණ පනතේ ප්‍රකාරව අදාළ දේශීය නියෝජිත ආයතනයේ සභාපතිවන වන අර්ජුන හෙට්ටිආරච්චි වන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂ පවත්වනවා."