දඹුල්ල ප්‍රදේශයේ උසස් පාසලක සංගීත ගුරුවරියක වූ නොවැම්බර් 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද ( 31) දින පස්වරුවේ නියෝග කළේය.
එම විද්‍යාලයේම 6 වැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව එම දෙමවුපියන් විසින් දඹුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර ගුරුවරයා අද දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අවස්ථා ගණනාවකදීම දඹුල්ල ප්‍රදේශයේ පාසලක සංගීත කාමරය තුළ මෙම ගුරුවරයා කුඩා පිරිමි ළමුන් අපයෝජනයට ලක් කොට ඇතැයි එම දෙමවුපියන් පොලීසියට පැමිණිලි කළ බවත් පසුව දරුවන්ගේ ප්‍රකාශ සටහන් කොට දරුවන් දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමෙන් පසු සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගත් බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි. එදිරිසිංහ මහතා පැවසීය.
දින කිහිපයක් තිස්සේ මෙම සංගීත ගුරුවරයා සංගීත කාමරයට දරුවන් ගෙන්වාගෙන අඩ නිරුවතින් තම ශරීරය ස්පර්ශ කර ගැනීම ආදී විවිධ ලිංගික කටයුතු සිදු කර ගනිමින් ඇති බව දෙමවුපියෝ සහ දරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම්වලදී හෙළි වී යයි පොලීසිය පවසයි.
මෙසේ බන්ධනාගාර ගත කොට ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පාසලක සංගීත විෂය ඉගැන්වීම සිදු කරමින් සිටී ගොකරැල්ල පන්ලියද්ද ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.