ජපානයේ ප්‍රධාන භූමියට දකුණින් පිහිටි ඔගසවර දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මෙය රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනයක් ලෙස සටහන්ව ඇති බවයි.
භූමිකම්පාව කේන්ද්‍රගත වූයේ ජපානයේ ෂිසූකා සිට කිලෝමීටර් 885ක් (සැතපුම් 550ක්) දකුණින් පිහිටි ඔගසවරා දූපත්වලට බටහිර දෙසින් වන අතර, එය බොනින් දූපත් ලෙසද හැඳින්වෙයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 454ක් (සැතපුම් 282ක්) ගැඹුරට විහිදී ඇති අතර, සුනාමියක තර්ජනයක් ඇති නොවූ බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් ජීවිත හානියක් හෝ ප්‍රබල ආපදාවක් වාර්තා නොවෙයි.