කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය විසින් කැනේඩියානු ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේ පෙරනයක් සහිත ස්ථර තුනකින් සාදන ලද මුඛ ආවරණයක් පැලඳීමට කටයුතු කරන ලෙසය.
අඟහරුවාදා ඔටාවා හි පැවති මාධ්‍ය හමුවකදී කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී තෙරේසා ටැම් පැවසුවේ මුඛ ආවරණය සඳහා පෙරහන් තට්ටුවක් එක් කිරීමෙන් කැනේඩියානුවන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව අමතර ආරක්ෂාවක් ලබාදෙන බවයි.
සකසා ගන්නා ආකාරය, යොදාගන්නා අමු ද්‍රව්‍ය සහ විශේෂයෙන්ම ශල්‍ය නොවන මුඛ ආවරණවල යෝග්‍යතාව මත පදනම්ව ඉන් ලැබෙන ආරක්ෂාව පිළිබඳ පරාමිතීන් වෙනස් වන බැවින් පෙරනයක් සහිත මුඛ ආවරණයක් පැලඳීමෙන් කුඩා වෛරස අංශු උගුලට හසුකර ගැනීමටත්, කොවිඩි-19 වලින් තවදුරටත් ආරක්ෂා වීමටත් උපකාරී වන බව ටැම් පැවසීය.
"යෝග්‍යතාව ඉතා වැදගත් දෙයක් බව මම අවධාරණය කරනවා" ඇය පැවසුවාය. "එය ඔබේ මුඛය හා නාසය වටා හොඳින් ගැලපෙන ලෙස හා මුඛය සහ නාසය හොඳින් ආවරණය කළ යුතු වෙනවා. මේ නිසා මුඛ ආවරණයේ යෝග්‍යතාව ඉතා වැදගත්" ඇය වැඩිදුරටත් පැවසුවාය.
අනාගතයේදී නව මුඛ ආවරණ මිලදී ගැනීමේදී කැනේඩියානුවන් මෙම ස්ථර තුනකින් සාදන ලද ඒවා සොයා බැලිය යුතු බව ටැම් වැඩිදුරටත් පැවසීය.
කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය අනුව, ශල්‍ය නොවන මුඛ ආවරණ අවම වශයෙන් ස්ථර තුනකින් සෑදිය යුතු අතර, ඉන් දෙකක් කපු හෝ ලිනන් වැනි තදින් වියන ලද ද්‍රව්‍ය රෙදි විය යුතුය. මැද ස්ථරයේ තුනෙන් එකක් වියන ලද පොලිප්‍රොපිලීන් රෙදි වැනි පෙරහන් ආකාරයේ රෙදි විය යුතුය.