දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03කි. ඉන් බිලියන 1.8ක් පරිභෝජනයට ගැනේ. වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට නියම කෙරිණ. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරු ද වගාවට යොදා ගැනේ.
සැප්තැම්බර් මාසයේ දී ගෙවතු මිලියන 02 ක පොල් පැල මිලියන 04ක් වගා කිරීමට පියවර ගතයුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. දෙමුහුන් බීජ පැල වගාව සඳහා එක් කර ඉහළ ඵලදාවක් ලබා ගැනීමට ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.