පේරාදෙණිය පාලම මතදී අද (31දා) උදෑසන ත්රිරෝද රථයක් ගිනිගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
කුරුණෑගල සිට බදුල්ල දෙසට ගමන් කරමින් සිටියදී ත්රිරෝද රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී එහි එකම පවුලේ මව, පියා හා දරුවන් දෙදෙනෙකු සිට ඇති බවත්, ඔවුන්ට එමගින් කිසිදු හානියක් සිදුව නොමැති බවත් පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්යෙන් පේරාදෙණිය පොලීසියේ රථවාහන අංශය මගින් මහනුවර ගිනි නිවීම් ඒකකයේ රථයක් ගෙන්වා ගින්න නිවා දැමීමට කටයුතු කර තිබිණි.
ගින්නෙන් ත්රිරෝද රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද පොලීසිය පැවසීය.
චමිල් රූපසිංහ