කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරමේදි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනිම පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේය.
අමාත්‍යවරිය ඒ බව කියාසිටියේ යක්කල වැරුල්ලවත්ත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කටයුතු සිදු කිරිමට නියමිත අකාරය පිළබදව නිරික්ෂණය කිරිමට සහභාගි වු අවස්ථාවේදිය.
ඒම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සකසා ඇති මුලික අදියරේ කාන්තා කොවිඩ් ආසාදිතයින් ඇතුළත් කිරිමට නියමිත ඒකකය නිරික්ෂණය කරමින් අමාත්‍යවරිය පැවසුවේ කාන්තාවන් යනු සැම විටම පවුලේ සෙසු අය පිළබදව දැඩි බැදිමකින් සහ අවධානයෙන් පසුවන අය බැවින් දින කිහිපයක් ඒක තැනක ඔවුන්ට පවුලෙන් ඇත්ව සිටිමට සිදුවන බැවින් ප්‍රතිකාර කටයුතු සේම ඔවුන්ගේ මානසික තතත්වයද යහපත් අයුරින් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය බව බවත්ය.