මුඛ ආවරණ පැලඳීමේ වැදගත්කම සහ සමාජ දුරස්ථභාවය යළිත් අවධාරණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නව කොරෝනා වෛරසයට එරෙහි සටන පූර්ණ දැනුවත්භාවය හා සුපරීක්ෂාකාරීත්වයෙන් සිදු කරන ලෙස ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශේෂ රූපවාහිනී දේශනයකදී මෙම අදහස් පළ කළ අතර, ඔහු අවධාරණය කළේ පසුගිය මාස කිහිපය තුළ රටම කොරෝනා වෛරසයට එරෙහිව එකමුතුව සටන් කළ බවත්, එය බොහෝදෙනා තුළ පැවති බියමුසු හැඟීම වැරදි බව ඔප්පු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,385,685ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් වාර්තා වන වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 32,063ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.