නව කොරෝනා වසංගතයේ බලපෑම් සමග ඇමෙරිකා එක්සත් ජනපදය පැරණි ආර්ථිකයට යළි නොයන බවත්, දැන් ඇමෙරිකාව ගමන් කරමින් සිටින්නේ වෙනස්ම වූ ආර්ථිකයක් කරා බවත් එරට ෆෙඩරල් සංචිතය හෙවත් මහ බැංකුවේ ප්‍රධානී ජෙරොම් පවෙල් අවධාරණය කරයි.
ෆෙඩරල් සංචිතයේ සභාපති ජෙරොම් පවෙල් බේ ඒරියා කවුන්සිලයේ පැවති අතථ්‍ය ව්‍යාපාරික සමුළුවක් අමතමින් ඉඟි කරනු ලැබුවේ, ඔවුන් දන්නා ඇමෙරිකානු ආර්ථිකය දැන් අවසන්ව ඇති බවය.
"අපි නැවතත් පැරණි ආර්ථිකයකට ආපසු ගමන් කරන්නේ නෑ. අපි වෙනත්, වෙනස්ම වූ ආර්ථිකයකට ආපසු යමින් සිටිනවා." පවෙල් පළකළ අදහස දෝංකාර දෙන්නට විය.
වසංගතය හමුවේ අඩු ආදායම්ලාභී රැකියාවල නියුතු පුද්ගලයන් සහ විශේෂිත කර්මාන්ත යථාතත්ත්වයට පත්ව නොමැති බව අවධාරණය කළ ඔහු, සේවා කර්මාන්තයේ සේවකයින්ට ඉදිරියට යාමට වැඩි උපකාර අවශ්‍ය විය හැකි බවත් අවධාරණය කළේය.
"සුවය ලැබීම අසම්පූර්ණයි. කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම ආසන්නයේ ඇති ආර්ථික අවදානම් ඉතා විශාලයි. අපට තව බොහෝදුර යා යුතුව තිබෙනවා." ජෙරොම් අනතුරු ඇඟවීය.