රටේ ප්රතන්ත්රවාදය ආරක්ෂා කිරීමට එක්වූ එ.ජා.ප පාක්ෂිකයින් ඇතුළු සියලුම පාර්ශවයන් වෙත විශේෂ ස්තූතිය සහ ආචාරය පුද කරන බව පා.ම රුවන් විජයවර්ධන මහතා පවසයි.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ,
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවත් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවත් එය නීතිවිරෝධී බවත් ප්‍රකාශයට පත් කළ බවයි.
ඒ අනුව යළිත් රට තුළ තිබූ අස්ථාවරභාවය මැකී ගොස් අප මාතෘභූමිය තුළ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත වී ඇත.
පසුගිය ඔක්තෝබර් මස 26වනදා සිට මේ දක්වා එජාපය සමග එකට අත්වැල් බැදගනිමින්, නොපැකිලව අධිෂ්ඨානශීලීව
රටේ ප්රජාන්ත්රවාදය ආරක්ෂා කිරීමට එක්වූ සියලු එජාප පාක්ෂිකයින් ඇතුළු සියලු දෙනාටමත් සිවිල් සංවිධානයන් වෙතත් මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරන බවත් ඔහු සහන් කළේය.