පුරෝකථන හැටියට නම් පෙබරවාරි මාසයේ (2019) සිට ලෝක තෙල් මිල අඩුවීමට තියනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබුණේ පසුගිය 9දා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඔය සූත්‍රයකින් යනවට වඩා ප්‍රධාන දේ ලෝක තෙල් මිල වැඩි වෙනකොට වැඩිවෙනවා. තෙල් මිල අඩුවෙන කොටයි, රුපියල ශක්තිමත් වෙනකොටයි, ආයෙමත් මිල පහළට එනවා.
ඉතිං ඔය දෙකෙන් යන්න පුළුවන්. මිල සූත්‍රය කිව්වොත් තමුන්නාන්සේලාගේ මොළය ඔයිටත් වඩා අවුල් වෙයි. හැබැයි ඒක රහසක් නෙමෙයි."
මෙහිදී, මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් යළිත් මෙම කරුණ තහවුරු කරගැනීමට ප්‍රශ්න කළේ, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවීමක් සිදු වුණොත් වැඩි වෙනවා. අඩුවීමක් වුණොත් මේ සූත්‍රයට අනුව අඩුවෙනවා නේද? යනුවෙනි. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා,
"අනිවාර්යයෙන්ම. ඒක ලියල තියාගන්න. මමත් ඉන්නෙ පොඩ්ඩක් හරි අඩුවෙනකල්. නැත්නම් ඔයගොල්ලන් විශ්වාස කරන්නෙ නෑනෙ.
ෆෝකාස්ට් (පුරෝකථන) හැටියට නම් තියෙනවා, පෙබරවාරියෙ ඉඳන් (2019) ලෝක තෙල් මිල අඩුවෙනවයි කියලා." යනුවෙන් වැඩිදුරටත් පවසා සිටියේය.
රජය විසින් ඉන්ධන මිල මාස්පතා තීරණය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මිල සූත්‍රයට අනුව අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.6කින් සහ රු.8කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රු.8කින්ද ඉහළ යන බව නිවේදනය කර තිබේ.
එමෙන්ම, මිල සූත්‍රයට අනුව මෙවර ඩීසල් ලීටරයක මිල රු.11කින් වැඩිකළ යුතුව තිබූ නමුදු මහජනතාවට, විශේෂයෙන් ප්‍රවාහන, ධීවර වැනි ක්ෂේත්රයන්ට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය පැවසීය.