ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්යක්ෂ සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට 85 හැවිරිදි වියේ පසුවූ චැටර්ජි කොල්කටා හි රෝහලකදී මෙසේ අවසන් ගමන් ගොස් ඇති අතර, ඔහුගේ අභාවය සැලවීමෙන් පසුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.
චැටර්ජිගේ වෘත්තීය ජීවිතය දශක 6ක් හා චිත්‍රපට 300ක් පුරා පැතිරී ඇති අතර, ඔහු දක්ෂ කවියෙකු, නාට්‍ය රචකයෙකු හා වේදිකා නළුවෙකු ලෙසද ප්රකටව සිටියේය.
ඔහු 1959 සිට 1990 දක්වා කාලය තුළ සත්‍යජිත් රායිගේ චිත්‍රපට 14ක ප්‍රධාන චරිත රඟපෑ අතර, ප්‍රශංසනීය අපූ ත්‍රිත්වයේ අපූගේ තරුණ කාලය නිරූපනය කළේ සෞමිත්රො විසිනි. අපූගේ ලෝකය, චාරුලතා, ආරණ්‍ය දීන් රාත්‍රී, අභිජන්, ඝරේ බයිරේ ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ සෙස චිත්‍රපටය.
චැටර්ජිට ඉන්දියාවේ ඉහළම සිනමා සම්මානය වන ඩඩා සහේබ් ෆාල්කේ සම්මානයෙන් මෙන්ම, තවත් ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබීය.
"ශ්‍රී සෞමිත්‍රා චැටර්ජිගේ මරණය සිනමා ලෝකයට, බටහිර බෙංගාලයේ සහ ඉන්දියාවේ සංස්කෘතියට විශාල පාඩුවක්" අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.