පේරු රාජ්‍යය එරට රජයේ සමාලෝචනයකින් පසුව රටේ නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 180,764ක් දක්වා තුන් ගුණයකින් ඊයේ (31දා) සංශෝධනය කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
මීට පෙර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින්ද පෙරේදා (30දා) වනවිට එරට මරණ සංඛ්‍යාව දක්වා තිබුණේ 69,342ක් ලෙසිනි. කෙසේ වෙතත් රජයේ සංශෝධනය සමග එම අගය දැන් 180,764කි.
කොවිඩ්-19 වසංගතය තුළ පේරු රාජ්‍යයට වඩාත්ම පීඩාවට පත්ව ඇති ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන අතර, එහි රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යෑම නිසා ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව පවා ඉක්මවා ගොස් තිබේ.
නිල සංඛ්‍යාලේඛන අනුව සැබෑ මරණ සංඛ්‍යාව අඩුවෙන් ගණනය කෙරෙන බවට විශේෂඥයන් දිගු කලක් පුරා අනතුරු අඟවා තිබුණි.
කොවිඩ්-19 පරීක්ෂණයන්හි පැවති ඌනතාවන් නිසා වෛරසයෙන් හෝ වෙනත් හේතුවක් නිසා පුද්ගලයෙකු මියගොස් ඇත්දැයි තහවුරු කිරීමට අපහසුවීම තුළ මේ ආකාරයෙන් මරණ සංඛ්‍යාව අඩුවෙන් ගණනය කෙරුණු බව එරට රජය දැන් පවසයි.
ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව මේ දක්වා හංගේරියාව වැඩිම ඒක පුද්ගල කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා කළේ, පුද්ගලයන් 100,000කට මරණ 300ක් පමණ අගයක් ගනිමිනි. කෙසේ වෙතත් පේරු හි මෙම නවතම යාවත්කාලීන කරන ලද මරණ සංඛ්‍යාව සමග එරට දැන් 100,000කට කොවිඩ්-19 මරණ 500කට වඩා වැඩි අගයක් වාර්තා වෙයි.
"මෙම යාවත්කාලීන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම අපගේ යුතුකම යැයි අප විශ්වාස කරනවා" සමාලෝචනයේ ප්‍රතිඵල නිවේදනය කරමින් පේරු අගමැති වයලෙටා බර්මියුඩෙස් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ලතින් ඇමරිකාවේ, වසංගතය හේතුවෙන් ජීවිත 450,000කට වඩා අහිමි වූ වැඩිම මරණ සංඛ්‍යාව බ්‍රසීලය වාර්තා කළත්, ජනගහනය අනුව, පේරු හි ඒක පුද්ගල මරණ සංඛ්‍යාව දැන් බ්‍රසීලයට වඩා දෙගුණයකටත් වඩා වැඩිය.
පේරු හි යාවත්කාලීන කරනලද සංඛ්‍යා ගණනය නොවූ අතිරික්ත මරණ සංඛ්‍යාවන්ට අනුකූල වන අතර, වසංගතයේදී සිදුවිය හැකි අඩු ගණනය කිරීම් මැනීම සඳහා පර්යේෂකයන් පේරු සහ වෙනත් රටවල වෙත යොමුවී ඇත. එහිදී යම් කාල පරිච්ඡේදයක් තුළ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව සමග අතිරික්ත මරණ මනිනු ලබන අතර, එය පූර්ව වසංගතයට සමාන කාල පරිච්ඡේදයක් සමග සංසන්ධනය කෙරෙයි.