බලපිටිය මහ කප්පින මුදලින්දාරාම විහාරස්ථානයේ ඇති අතිශයින්ම පුරාවිද්‍යා වටිනාකමකින් සමන්විතවු ලංකාවේ පළමු හා එකම ආරුක්කු සහිත අටපට්ටම් වලව්වේ එක් පැත්තක විශාල කොටසක් බිමට කඩා වැටි ඇත .
වසර සිය ගනණක් පැරණි මේ ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එකක් බව විහාරාධිපති කහවේ සුමනසාර හිමියෝ කියති.
මේ ගොඩනැගිල්ල දැනට වසර කිහිපයක සිටම විනාශව යන බව අදාල බලධාරීන්ට පැවසුවද මේ වනවිටත් ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද උන්වහන්සේ පැවසූහ .
ලංකාවේ පළමු හා එකම ආරුක්කු සහිත අටපට්ටම් වලව්ව මෙසේ විනශවී යාමට ඉඩ හැරීම මුළු ජාතියටම කරන මහත් අපරාධයක් බවද සුමනසාර හිමියෝ පැවසුහ.
මේ ඓතිහාසික ගොඩනැගිල්ලේ දොර ජනෙල් හා ඒවායේ පිත්තල සරනේරු හා වහලේ සිවිලිමේ ලැලි සොරුන් ගලවාගෙන ගොස් ඇති අතර ගොඩනැගිල්ලේ බිම ඌරු මීයන් වල්වල් හාරා විශාල උමගවල් සාදා ඇත.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලයෙන් කල විමසීමකදි එහි ප්‍රකාශකයකු කීවේ මේ අටපට්ටම් වලව්ව සංරක්ෂණය කිරීමට නියමිතව තිබූ එකක් බවත් පැවති මූල්‍ය අර්බුදය හමුවේ එය ඉටුකර ගැනීමට නොහැකිවූ බවය .