චීනයේ සීනොෆාම් එන්නතෙහි පළමු මාත්රා මිලියනය ඉදිරි දින කිහිපය තුළ එරටට පැමිණෙනු ඇතැයි තම රජය අපේක්ෂා කරන බව පේරු ජනාධිපති ෆ්රැන්සිස්කෝ සාගස්ටි පවසයි.
අඟහරුවාදා සවස රූපවාහිනී දේශනයකදී සාගස්ටි ප්රකාශ කළේ රට තුළ එන්නත් කිරීමේ සැලැස්ම පෙබරවාරි මාසයේදී ආරම්භ කරන බවය.
එන්නත ලබාගන්නා රටේ ප්රථම පුද්ගලයන් අතර තමාද සිටින බව ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
පේරු රජය සීනොෆාම් සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කරමින්, පෙබරවාරි මාසයේදී මාත්රාවන් මිලියන භාගයක් සහ මාර්තු මාසයේදී මාත්රා මිලියන 1.5ක් ලබාගැනීම සඳහා කටයුතු අවසන් කර ඇති බව සාගස්ටි වැඩිදුරටත් පැවසීය.