පේරු හි තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ 5,772කින් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (27දා) උදෑසන වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිත අගය 129,751ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ගෙවීගිය දිනයේ රට තුළ අවම වශයෙන් නව මරණ 159ක් වාර්තා වී ඇති අතර, ජාතික මරණ සංඛ්‍යාව 3,788ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය නිවේදනයේද තහවුරු කර ඇත.
මේ අතර පේරු රාජ්‍යයේ වෛරසය ආසාදිතව සිට මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දක්වා තිබුණේ 52,906ක් ලෙසිනි.
අනිවාර්ය සමාජ හුදකලා පියවර ඇතුළත් ජාතික හදිසි තත්ත්වය ජුනි 30දා දක්වා දීර්ඝ කරන බව පේරු ජනාධිපති මාටින් විස්කරා පසුගිය සිකුරාදා නිවේදනය කළේය.