පේරු ජනාධිපති පේද්රෝ කැස්ටිලෝට කොවිඩ්-19 මර්දන චීනයේ සීනොෆාම් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව සිකුරාදා ලබාගත් බව එරට ජනාධිපති මන්දිරය පවසයි.
අවම වශයෙන් කොවිඩ්-19 එන්නත එක් මාත්‍රාවක් වත් රටේ සමස්ත පුද්ගලයන් 8,244,961 දෙනෙකු වෙත ලැබී ඇති අතර, සිකුරාදා වනවිට මිලියන 5.75කට වැඩි ජනතාවක් මාත්‍රා දෙකක් සම්පූර්ණ කර තිබුණි.
පේරු රාජ්‍යය මෙන්ම මේ වනවිට ලොවපුරා රටවල් රැසක වඩාත් බහුල වශයෙන් භාවිත වන සීනොෆාම් එන්නත වඩාත් ඵලදායී කොවිඩ්-19 මර්දන එන්නතක් ලෙස සිය විශ්වාසය ගොඩනගා ගනිමින් සිටියි.