පේරු රාජ්‍යයෙන් තහවුරු වූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 100,000ක් ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ගෙවීගිය පැය 24ක කාලය තුළ පේරු රාජ්‍යයෙන් නව ආසාදිතයන් 4,537ක් සහ මරණ 110ක් වාර්තා වී ඇති අතර, ජාතික වශයෙන් ආසාදිත අගය අවම වශයෙන් 104,020ක් සහ මරණ 3,024ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලතින් ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් වැඩිම රාජ්‍ය ලෙස සැලකෙන බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන් 291,579ට පසුව දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ පේරු රාජ්‍යයෙනි.
එහිදී බ්‍රසීලයේ ආසාදිත අගය විශාලතම එක් දින වැඩිවීම වාර්තා කරමින් ගෙවීගිය පැය 24ක කාලය තුළ ආසාදිතයන් 20,000ක් වාර්තා කර තිබේ.
එමෙන්ම ගෙවීගිය පැය 24ක කාලය තුළ බ්‍රසීලයේ කොරෝනා ආශ්‍රිතව අලුතින් මරණ 888ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 18,859ක් බව ජෝන්ස් හොපිකින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීම් විරහිත පාලනය හමුවේ එරට කොරෝනා පාලනය බිඳ වැටී ඇති මොහොතක, කොරොන වෛරසය වසංගතය මධ්‍යයේ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් බ්‍රසීලයේ පහළ කොංග්රස් මණ්ඩලය නව නීතියක් සම්මත කර තිබේ.